Monday, June 22, 2020

අප්පච්චි

කළු ගලක් 
උඩින් රත් උනාට
ඒකෙ යට හරි සීතලයි, 
මහරෑට 
වටේම සීතලවෙන වෙලාවට
ගලයට හොඳ උණුහුමයි. 
මහ මුහුද
කොච්චර ගැඹුරු උනත් 
පාවෙන ඔරුවට ඒකෙ වගක් නෑ. 
සැඩ සුලං මැද සීරුවෙන් 
එගොඩ වෙන්ට හරි දස්සයි.
තිත්තකොල මල් නැති 
කොහොඹ ගහක් 
මල් තිබුණත් 
අරලිය ගහක් එක්ක 
කොහෙ පෑහෙන්නද?
ගඟ පහලට වැටෙන වෙලේ
ගඟේ වතුර අඬාපුදෙන්
මනාලියක වගේ වෙලා 
දිය ඇල්ලක් මතුවීලා
පරිසරයම එකළුවෙලා 
පරිස්සමෙන් වඩාගන්න 
මුළු දෑතම දික්කරලා 
අප්පච්චී ඇත 
මග බලලා 


Monday, June 8, 2020

lady

මේ සමූහයේ පරමාර්ථ හා නොගැලපෙන කාරණයක් වුවත් වැදගත් හා කාලීන පදනම මත පලකරන ලෙස ඉල්ලා සිටිමු.

කාන්තාව පවුලේ මෙන්ම සමාජයේ ද හදවතයි, එබැවින් ඇය හොඳ මානසික සෞඛ්‍යයකින් සිටීම ඉතා වැදගත්වේ. ආතතිය, අතෘප්තිකර අත්දැකීම්, අධික මහන්සිය, රාජකාරි බහුලත්වය ප්‍රධාන කොට ඇති තවත් බොහෝ කාරනා හේතුවෙන් කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය ඉතා ඉක්මනින් බිඳවැටේ.

මෙයින් ඉතා සුවිශේෂී හේතුවක් වන්නේ 
අතෘප්තිකර අත්දැකීම් වේ, එය විවිධ කොටස් ඔස්සේ බෙදා වෙන් වන අතර ප්‍රධාන කොට 
සබඳතා/ විවාහය බිඳවැටීම හා ඉන් පසු ඇතිවන මානසික ව්‍යාකූලභාවය 
සබඳතා/ විවාහයේ අතෘප්තිය 
සබඳතා නොලැබීම හෝ ඉන් අවශ්‍යතා සම්පූර්ණ නොවීම 
දරුවන් නොමැති වීම 
මානව සබඳතා නොගැලපීම (Intimate incompatibility )

මෙතෙක් කතා නොවූ ඔබගේ මේ ගැටළු සඳහා අපෙන් විසඳුම

පූර්ණ රහස්‍යභාවය දෙපාර්ශවයම සුරැකීම 

ඔබට අපි සවන් දෙන්නෙමු 

වැඩි විස්තර සඳහා විමසන්න (inbox) 

Anonymous 

Saturday, June 6, 2020

කාන්තාව ලිංගිකත්වය හා ඌනපූරණය

කාන්තාව ලිංගිකත්වය හා ඌනපූරණය යන උක්ත සටහන ලියන්නට හේතුව වන්නේ අද බුකියේ දුටු දැන්වීමක් ස්වරූපයෙන් පළවූ සටහනකි  (පෝස්ට් )

එහි සංශිප්තය වන්නේ කාන්තාවට ලිංගිකසබඳතාවය නැතිවීම මානසික ආබාධයන්ට හේතුවක් හා එයට උදව් කිරීමට කැමති බවත් අවශ්‍ය නම් දරුවකු හදාගන්න ද උදව් කලහැකි බවකි.

බැලූබැල්මට එහි වැදගත්කමක් නැතත් එය කෙලින්ම එසේත් නැතිනම් අමුවෙන්ම ලියා තිබීම විශේෂයෙන් සඳහන් කලයුතුය. හොලිවුඩ් චිත්‍රපට බලන අපේ ඔස්තාද්ලා ට fuck යන්න චිත්‍රපටයේදී රස කර කර බැලුවත, මෙවැන්නක් දිරවා ගත නොහැකිය. ඒ බව නානාප්‍රකාර දිශානතීනට  එල්ල වූ කොමෙන්ටු මගින් මනාව පිළිඹිබු වීම මගිනුයි. 

මෙහි තවත් විශේෂ කාරනා දෙකක් අඩංගුවිය එනම් 

ඉතා යටහත් පහත් විදිහට පටන්ගත් දැන්වීම ඉතාම මානව දයාවෙන් යුක්තව ඉදිරිපත් කිරීමත් ඒබව ඒත්තුගැන්වීමත්‍ ය.
අනෙක් කාරනය සියළුම කොමෙන්ටු සදහා පිලිතුරු සැපයීමත් ඒ කිසිවකට නොසැලී  ඉතා යටහත් පහත්ව එකඟ වීම (submission ) හෝ නිහඬ ලකුණක් දමා සිටීමයි. ඒ සියළුම පිලිතුරු වලදී සැබෑලෙසම කාන්තා ලිංගික අවශ්‍යතා පිලිබඳව මානව දයාවෙන් යුක්තව කතා කිරීම හා අදහස් දැක්වීමයි.

සෙමෙන් බෝලයක් බස්සා විස්තර ටිකක් කතාකල මට තේරුම් ගියේ ඇත්ත වශයෙන්ම ඔහු මානව දයාවෙන් යුක්තව මේ සද්කාර්‍යයට යොමුවී ඇති බවයි.

මෙය සමාජ ව්‍යසනයකට වඩා ඔබ්බට ගිය කාරණයක් වන්නේ පොත්ත නොගැලවූ සුහුඹුල් වැඩවසම් සමාජතත්වයක් හා මානසික තත්වයකින් හෙබි බහුතරයක් සිටින අපේ රටේ මේ පිලිබඳව සාකච්ඡාවක් වත් නොපැවතීමත්, හා ඒවාට යම් හෝ විවිසදුමක් ලබා දෙන ක්‍රියාකාරී වැඩපිළිවෙළක් තියනවද කියන කාරණා දෙකයි.

මේ තත්වය සමාජයේ පවතින බවට සාක්ශි වන්නේ  කොමෙන්ටු නොදා ඔහුගේ අදහස ගැන කතාකල ප්‍රිරිස සිටීමත් ( මේබව ඔහුගේ පිළිතුරු වල සඳහන් ව තිබුනා) හා  පැය කිහිපයක් ඇතුලත දෙදෙනෙක් ඔහු අමතා තිබීමත්ය.
ඌණපූරණය සම්පූර්ණයි !!!

කෑම

"අම්මෝ මෙන්න මුගේ මහත" 
ඇඳුමෙන් පෙරෙනව 
ටිකදවසකින් සෙට් උන කල්‍යාණ මිත්‍රයින්ගේ හදුනා ගැනීමයි ඒ, 
" වයිෆ් මූට හොඳට කන්න දෙනව මේකත් ඌර වගේ කනව ඇති, මොකෝ කන්න බැරි එක්කෙ ඇ!! " ඒ කතාවද අතිශය සත්‍යවේ. 
"බැඳපු අළුත ඔහොම තමා කෑම! කෑම!! " 
ඇසක් ගහල කිව්ව ඒ කතාවට සිසියල්ලෝම සිනාසුනේ පාපොච්චාරණයක අවසානය සනිටුහන් කරමිනි.
වමාරා කාගත නොහැකි උසුළු විසුළු කම් අතරේ කල්පනා කරේ කෑම ඇරෙන්නට මහත් වීමට බැන්දම වෙන කිසිදු ජීව විද්‍යාත්මක සාදකයක සම්මාදම් වනවාදැයි සැකසංකා මතුවීමෙනි.  
ඒක එසේනම් බැඳල අවුරුදු දහයක් ගියතැන අතිශය කෙසඟ පුද්ගලයකු වෙන්න ඕනෙ , 🙄 එහෙම උනාද නනෙ නෑනෙ !!
ඇත්තම කතාවට බැස්සොත් බැඳල එක වහලක් යටට ආවට පස්සෙ ඔය බැදුම් ජාති , මිටිකිරට හොදි, මිරිස් ඉස්සර කරපු වෑංජන, කීරි සම්බ බත් යහමින් ගිල්ලම මොන යෝදයද අල ගෙඩිය වගේ ආරන්නෙ නැත්තෙ.
ඔහොම නෙවෙයි කොරහෙන් බත් දුන්නත් බොංචි කෝටුව  වගේ ඉන්න උන් එහෙමත් ඉන්නව ඕං !!
කෑම ගෙනියන්න ගෙනා විශාල බත් පෙට්ටිය පුරවා ගෙනියන දහවල් කැමඑක හැමදාම පත්තරේ විස්තරේ අන්තිමට කියන කාටුන් හා විහිළු වලට සමාන ස්වරූපයක් ගත්තේ එහි විශාලත්වය නිසා පමණක් නොව තිබූ අන්තර්ගතයත් හේතුවෙනි.
ආදරය වැඩිකමට වයිෆ් විසින් ප්‍රධානය කල බත් පෙට්ටි දැක අනේ කියා සතුටු කඳුළු හෙළුවේ අම්මා පමණි,
ඔන්න දැං බොල මගෙන් අහන්න එපා ඒ මොකෝ කියල ඒක එහෙම තමා!!!

Tuesday, June 2, 2020

පඩි පෙළ

ඉනිමග දිගේ ඉහල නැගගියාට
ඉනිමග බිම හිටියනේද
පඩිපෙළ මත උඩ ගියාට 
කන්ද දිගට තිබුන නේද 

තැනින් තැනට අත් වාරුව 
උදව්වටත් තිබුන හැමට 
ඔරුපාරුත් මතහිඳගෙන 
ඉඳහිට තිබු තොටුපොළ වල
 නැවති නැවති එතෙරවලා 
ගඟෙන් එපිටැ  ගොඩට වෙලා 
බැලුවා ආපසු හැරිලා 

ගඟ ගලනා නිසොල්මනේ 
ඔරුව මතින් කෙනෙක් පෙනේ 
පඩිපෙළ මත හිදිමින්නේ 
මහපිරිවර පැමිණෙන්නේ 

අත්වැටටත් වාරුවෙමින් 
එකින් එක්ට මාරුවෙමින්
ඉනිමග මත එල්ලෙමින්
සමහර අය හෙමින් ගමන්

වහල උඩදි හිරු එළියත්
කන්ද උඩදි සුදු දසුනත්
ගඟෙන් එතෙර මහපුරයත්
වින්දේ නෑ ගුරුවරුනුත්