Thursday, October 31, 2019

නොමිලේ

නොමිලයේ කාන්තා සනීපාරක්ෂක තුවා ලබා දෙනවා යන ප්‍රකාශය වත්මන් දේශපාලනය කරලියේ ආන්දෝලනයකට පත්ව ඇත. 
දේශපාලන විහිළුවක්, පොරොන්දුවක්, මෙන්ම 

Wednesday, October 9, 2019

අහස

තැඹ්ලි පාට අහස
කෙමෙන් බැසයන හැන්දෑව
ඒත් වියපත්  නොවූ හිරු රැස්
දිනය පුරා දහඩිය හෙළූ ගත
එනමුදු දිලිසෙන ඇස්
බලා ක්ශිතිජ ඉම
නිලංකාරව හිරු රැසින්
නොපෙනෙන ලෝකයක අතරමං වී
අත් ගැටෙන වාරු සොයන 
තැඹිලි පැහැ නොව රක්ත වර්ණවු
ඇවිදින රූකඩ 
තැඹ්ලි පාට අහස යට. 

ගොං කරත්තය

ගොනාගේ කරේ බැඳ කුඩා සීනුවේ හඬ ඇරෙන් වෙන ශබ්දයක් වීනම් ඒ බොරළු පාරේ සක ගැටෙන හඬ පමණි. වටේ පිටේ සද්ද බද්ද කිිසිවක් හරිහැටි නෑසුනේ දැඩි කල්පන්වක නිමග්නව සිටි නිසා විය යුතුය.
කරත්කය කිහිදු හැසිරවීමකට ලක් නොවිනි, හැසිරවීමක නොමැතිව වුව්ද ලඳු කැලෑ අතරින වැටුණු ගුරු පාර දිගේ කරත්තය දිගටම ගමන් ගති ගොනා ද  සුපුරුදු  පරිදි ගාල දෙසට ගමන් ගති,
වාසනාව්කට ගාල පිහිටියේ ගෙය ආසන්නයේය, ගොනා දැන සිටියේ ගාලද ගෙයද යන්න සැකහැර දැන ගත හැකිවිදියක් නොවීය.

Monday, October 7, 2019

කටුඅකුල

ජීවිතය 
ජීවත් 
කරන්න 
ආදණීය 
මතක
බොහෝ 
ඇති,
ඒ මතක
තත්පර 
ගනනකට
සීමා වී
ජීවිතය 
ජීවත් 
කරන්න 
මතක
මදි 
වේවි.

මතක 
සොයා
කටුඅකුල 
හැරයන්න

- කටුසටහන-

Friday, October 4, 2019

20-20

ඉතා සූක්ෂම ආකාරයෙන් රටේ ජනතාව මුලාවෙන් මුලාවටම දමා ඊටත් සංඛීර්ණ සාමාජීය හා දේශපාලනික තත්වයකට රට ඇද දමා තවත් කාලාන්තරයක් තමාට අවැසි උන් පාලන තන්ත්‍රයේ පවත්වා ගැනීමේ ක්‍රියාදාමයේ තවත් එක් සන්දිස්තානයක් එළිපත්තේ ඇත, 
ක්‍රියාදාමය කීවේ මෙහි සැලැස්ම කාලයකට ඉහත සිදුවී දැන් එහි ප්‍රතිඵල ලැබෙන හා ඉතිරි ක්‍රියා සිදුවන අවධියේ සිටින නිසා ය.

පසුගිය කාල වකවානුවේ සිදුවීම අනුව ජනතාවට සමස්තයක් ලෙස මේ තට්ටු මාරු පාලන ක්‍රමය අන්තයටම තිත්ත වී නිච්චාභංගත්වයට පත්වී සිට්න  වේලාවක අරාජික  රට  අනාරක්ෂිත බවට පත් කරමින් රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවේ.
මෙය මේ දේශපාලන මගඩියේ එක් සංධිස්ථානයක් වේ.
අනෙක සිදුවන්නේ මීට ටික කලකට කලින්, ඉතා සුපරීක්ෂාකාරී ලෙස ජනතාවගේ ඇසට වැලිගසා ජනතා පරමාධිපත්‍යය ට පයින් ගසන්නේ ව්‍යවස්ථා සංශෝධනය හරහාය, ජනාධිපති ගෙ බලතල හීනකර විධායකය හා ව්‍යවස්තාදායකය කඹඇදිල්ලකට පත්කරන්නේ රට අරාජකත්වය තල්ලු කරමිනි.
මෙහි ඇති අනෙක් කරුණ නම් ජනපති ගේ ධූර කාලය අඩු කිරීමයි. නිසි  ආකාරයෙන් ගතහොත් මුලින්ම පැමිණිය යුත්තේ මහ මැතිවරණය මිස ජනාධිපතිවරණය නොවේ. 
දැන් අගමැතිවරයා ප්‍රමුඛ රජය එපා වී සිටින ජනතාවට මැතිවරණයක් ලැබී ඇත ඒත් ඉන් කවුරු ආවත් අගමැතිවරයා ප්‍රමුඛ රජය වන්නේ දැන් සිටින යහ පාලන නඩයයි. 
ඉන් රටට හෝ ජනතාවට සෙතක් උදාවන්නේ නැත. මේ ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත් ජනතා විරෝධී ලෙස තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගන්න කල මහා ව්‍යසනයකි.
සජිත් දින්නොත් මේ නඩේ ඉතිරි හරයත් විකුණා ගෙන කාවි ඒක ගිණිගොඩට පෙට්‍රල් දැමීමකි
ගෝඨාභය දින්නොත් නැවත් මහ මැතිවරණය එනතෙක් ආණ්ඩු පක්ෂ  දෙකක ගැටුම ජනතාවට විපක්ෂය වී බලාසිටීමට සිදුවේ, ඒත් රටෙහි යම් කොටස් දියුණු විය හැක, ඒකත් මැතිවරණය අනුව වෙනස් විය හැකිය.
අනුර දින්නොත් රටට හිගා නොකා හිගාකන්න වන්නේ ඔවුන් ට වෘත්තීය සමිති පාලනය කරගන්න නොහැකි වීමත් උන් පාලන තන්ත්‍රයට පැමිණ වදුරා මෙන් දැලිපිහිය අතට ගැනීම නිසයි.
මහෙශ් දින්නොත් පොඩිඑකාගෙ චිත්තරේ වගේ හැමතැනම ගාගන්නේ අනිත පක්ෂ සියල්ලෝම කකුලෙන් අදින නිසාය. 
දැන් කොහොමටත් මෝඩයා වූ ජනතාවගේ ගූ හත්පොලේ ගෑවී අවසන්‍, එකම දේ තමන් විසින් එය සෝදා ගැනීමයි. 

මහ මැතිවරණයක් ආවේ නම් විකල්ප බලවේග පැමිණි මේ මජර දේශපාලනය අඩුකර යමක් රටට සෙතක් වන ලෙස සිදුවන්නට ඉඩ තිබිණි .
නමුත් ජනතාව මහමැතිවරණය ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්  එක් පුද්ගලයකු තෝරා ගැනීමට සැරසේ. 
ඉන් සිදුවන්නේ ඉදිරි මැතිවරණයකදී එළියට එන්න තිබූ රටේ අනාගත දියසේන කුමාරවරු ගැබේදීම මරාදැමීමකි.