Friday, April 26, 2019

බ්‍රහ්මදණ්ඩන

හොරුන්
පාදඩයින්
වංචනිකයන්
දාමරිකයන්
මිනීමරුවන්
හට ඇති
විසදුම
බ්‍රහ්මදණ්ඩනයදී
අතහැර දැමීමයි
කාලය හා කර්මය
ඉතිරිය වගබලාගනු
ඇත

Thursday, April 11, 2019

සන්දර්ශණය

නෙක වර්ණ
විදුලි ආලෝක
නානාවිද පාට
සැරසිලි
වේදිකා සරසා
දිව්‍යමාලිගා
විලසට
සංදර්ශනයට
වේදිකා සැරසී.
තිරය පිටුපස
ඇදුම් උනාදමා
උඩුබැලිව උන්
එකෙක් සායම්
තෙවෙකෙක් පුයර
අනෙකෙක් ආභරණ
සීසීකඩ දුවත්
නිරුවත් මෘග රැලක්
සැරසෙති
සොඳුරු පෙළහරකට


photo credit 
El Encanto Oculto De La Vida (Arte)

Wednesday, April 3, 2019

රට

රටට කෙලවෙලා!  අරුන් රට කාල!!
පාර්ලිමන්ට් ජෝක්ස් දානගමන් ඔහේ ජීවත් වෙන එක ලේසියි.
රට හදන්න/ හරි පාඅරට ගන්න පතන් ගත්තම ඉතා අමාරු කාලයකට අපි හැමෝම මූණ දෙන්න වෙනව
මළ කෑ යකඩයක් කඩුවක් කරන්න යකඩය සුද්දකරල රත්කරල තලන්න ඕනෙ, ඊටත් පස්සෙ පන්නරය තියන්න ඕනෙ
ඒ කට ලෑස්තිද?

Tuesday, April 2, 2019

හුදී ජන බත්වේල

අල්ලට වැඩි
පොඩ්ඩක් පොඩි
කොටුවෙ කඩේ

පිලට අගින් එළිපත්තේ
කෑමජාති එල්ලෙනවා
කහට වතුර විසිවෙනවා

ව්‍යංජනත් පොඩ්ඩ පොඩ්ඩ
තම්බපු හාලේ
බත් පිගාන

පිගානට වැඩි
පොඩ්ඩක් පොඩි
ලෑලි මේසෙ

පස්සට වැඩ්
පොඩ්ඩක් පොඩි
පුටු පොඩ්ඩක්

කඩේ ඉදන්
කෑව කෑම
රහක් නෑ මෙලෝ

නූල වගේ වතුර පාර
අත සෝදා ඉදුල් පාර
වතුර නොබී මහපාරට