ආදරය පිළිබඳව කතා කරන බොහෝවිට විවිධ පැතිකඩ ඔස්සේ විශ්ලේෂණය කලද අවසන සලකුණු දෙකකට උක්ත මාතෘකාව නාභිගත වේ.
එනම්
සැබෑ ආදරය හා
විරහව වේ
සැබෑම ආදරය ගැන කියන විට උද්දීපනය කරනුයේ එකිනෙකා ගැන ඇතිවන අන්‍යොන්‍ය බැදීම හෝ අවබෝධය නොවේ, කල කැපකිරීම් ගොන්නකි.
එනම් සැබෑ ආදරය යනු කැපකිරීම් ද?
එවන් කැපකිරීම් මගින් ලැබුනුයේ විරහව පමණකි. එසේනම් සැබෑ ආදරය ලෙස විරහවේ එක් පරිච්ඡේදයක් ගනහැර දැක්වීම මුලාවේ දැමීමකි.
සැබෑ ආදරය එක් අයුරකින් නිදහසේ අත්හැරිමකි. ලැබිය නොහැකි දෙයකට ආසාකිරීම මෝහය ලෙසත්, අත්හල දෙයට ආදරය කිරීම ලෝභය ලෙසත් පුරෝකතනය කලහැකිය.
ආදරය හිමිකර ගත්ත උන් ද ඒ ගැන මැසිවිලි මිස අන් දෙයක් දොඩනුයේ මුල් කාලයේ හෝ ඉතා අහම්බයකිනි.
ආදරය යන්න අනුන්ගේ ජීවිත කතා හා රචකයින් ගේ පරිකල්පනයෙන් සුපෝෂිත වූ කතා සාරයේන් ජනිත කල මයා ලොවක සිරි අප හිත් තුල කිදා බැස ඇත.
සැබෑම ආදරයත් හිතේ ඇති පුහු ආටෝපී ආදරයත් අතර ඇති වෙනස නිසා ආදරය කියා විරහව බදා වැලපෙමින් සිටිමු.
ආදරය, ආදරය ලෙසම නිවැරැදිව දකින්නට හා හරිහැටි විදින්නට හේතු වාසනා!
කටුසටහන.