Saturday, December 21, 2019

වදුරු පැටියා

පෙරපාසල් අවදියේ එක් වතාවක් දෙහිවල සත්වෝද්‍යානයේ සංචාරක දී කුඩා වදුරු පැටවුන් දැක අමන්දානන්දයට පත්වුණෙමි.
ඉන් මද කලකට පසු මාගේ ප්‍රථම ගුරුතුමියට කීවේ අපේ ගෙදරට පුංච් වදුරු පැටියෙක් ගෙනාවා කියාය, මා කියූ විස්තරය අනුව එය සත්‍යයක් බැව් ඇයට වැටහුණද වදුරු පැටියෙක් ගෙදරක ඇතිකිරීම එකල යම්තාක් දුරට අසාමාන්‍ය මෙන්ම භයානක දෙයක් නිසා ඇය මේ ගැන මා පියා ගෙන් අසා ඇතිවිට වදුරු පැටියා කව්දැයි හරිහැටි නිශ්චය කර ගෙනෙ ඇත.

ඒ වෙන කවුරුත් නෙවෙයි මාගේ නැගනියයි.
කුඩා කල ගිණි පෙල්ලක් වූ ඈ ඒ ලක්ෂණය දිගටම පවත්වා ගෙන ඇති බවට බොහෝ සාක්ශිකරුවෝ සිටිත්.
සණ්ඩුසරුවල්, බෙදාගැනීම්, සෙල්ලම් අතරේ කුඩා කාලය ගෙවී ගියත් එහි සුන්දර මතක සටහන් තවමත් ඉතිරිව ඇත. 
ගම ගෙදර අතෑරල පිටමං වෙලා කාලාන්තරයක් ගත්වෙලා තියන වෙලාවෙ ආපසු හැරී බලන කල වැඩිමහල් සහෝදරයෙක් ගෙන් ඉටුවිය යුතු වගකීම හරිහැටි සිදුනොවුනුබව ස්වයං අධ්‍යනයකින ඉතා පැහැදිලිව මට අවභෝධ විය. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකිය, 
නමුත් එකක් ස්ථිරව ඇත, විවාහ වී දරුමල්ලන් ලැබ ලොකුමහත් වුවත් මට හැමදාම පුංච්කාලෙ අතින් අල්ලගෙන ඉස්කෝලේට එක්කරගෙන ගිය ඒ පොඩි කෙල්ලට වඩා වෙනස් විදිහට දකින්න බෑ 

ඒ හැටි!!! 

සුභ උපන්දිනයක් !!!!!

Thursday, December 12, 2019

සෙංකොට්ටං

"ඇයි පොඩිනව මැරුවෙ? "
මහින්ද ප්‍රසාද්  මස්ඉඹුල ගෙන් මටද අසන්නට ඇති ප්‍රසිද්ධ වූ පැනය එය නොවේ.
මිත්‍යාවෙන් මිරිකීගිය වත්මන් පාඨකයාට කාලයකට පසු අදුරට එල්ල වූ එළියක් බදු කතාවේ රචකයාට එකම රෙද්ද සෝද සෝදා සෙංකොට්ටං රටාවෙන් රසගැන්වීමට නොහැකිව වැලේ වැල් නැතිවී ගිය අවස්ථාවක දඩබ්බර පොඩිනව ඉතා කෲර ලෙස සාහසික ඝාතනයකට සිත්පිත් නැතිව ලක්කරයි.
ඉන් "වල් නය්දේ" යනු තමාගේ සෙවනැල්ල බව කතා සාරයේ වෙලෙන පාඨකයාගේ ගෞරවාදරය රචනයේ දක්ශයෙක් වූ හේතෙමේ දිනාගනිත්.
නියම ප්‍රශ්නය වන්නේ "ඇයි වීරප්පුලි හේනයා මරා නොදමන්නේ? " ප්‍රසිද්ධ නොවූ මේ පැනයේ කතා නායකයා මරා දමන්නේ අවුරුදු 70 කට පසුය, ඒ වන විට සාරය දියවී ගොස් හමාරය. පාඨකයා තුල ප්‍රශ්චාත තාපයක් ඉතිරි කරමින් අතුරු කථාව  ඵල දරන්න්ට ප්‍රථමයෙන් අවසන්ව යයි.
නියත දුකෙන් දිවිගෙවූ අතීත කුල ක්‍රමයේ පහත් උන්ගේ සදාතනික දුඃක දෝමනස්සයන් හා දිගින් දිගටම සැඩපහරකට හසුවූ අයෙක් සේ පොරබදන මහ හේනයා හා දයාබර කාන්තාවකගේ ලක්ෂණ් කැටිකරගත් යන චරිත ගොඩනැගීමේ දී පාඨකයා ප්‍රඥාව  කරා ගෙන යෑමට මහින්ද ප්‍රසාද් සමත් වුවත් මනස පෑදීමට යොදා ගත් ගුණ රාළහාමි සම්පූර්ණ අසාර්ථක නොවු උත්සහයකි. එහෙත්  කතාව පුරාවටම අවැසි මානව ගුණය හා සිතට ඕනෑ කරන අත්වැල ලබා දීමට ගුණ රාළහාමි සමත්ව ඇත
ලාංකේය සමාජයේ විවිධ ස්ථරවල පෙර කාලයේ සිට තිබූ තත්ත්වය විවිධ ආකාරයෙන් පැහැදිලි කර දීමට කර දීමට රචකයා සාමාන්‍ය සිද්ධි  භාවිතය ජයග්‍රහණයකි. එහිදී ඒ සිද්ධීන් ගුණ රාළහාමි මේ හරහා විස්තර කිරීම තුළින් පාඨකයාට යම් අවබෝධයක් ලබා දී ඇතත් ඉන් සවිස්තරාත්මක විස්තරයක් ලබා නොදේ, ඒ අය සම්පූර්ණ කර ගැනීම පාඨකයා හට පවරා දක්ෂ ලෙස සම්පූර්ණ කර තිබේ.
මානව දයාවේ උත්තුංග ලක්ෂණ විදහා විදහා පාන තැන් කීපයක්ම ඇති මෙහි සාරය  වන්නේ ද එයයි. මහ හේනයා ගේ දුක දරාගන්නා මුළු චරිතයම මානව දයාවෙන් හා පීතෘ ස්නේහයෙන් උතුරා යාම අනගිබවනීයයි. "හීං ගෙ බාච්චු ගවොම දෝතින්ම වැලදගෙන ඉකිගසමින් හඩන්නට විය, " " ඔය අතේ තියන හැට්ට කෙටිය.... විතරක් අරගන්න දුන්නේ නෑ" ඒ රචකයා ගොඩනගන හේනයා ය.
මල්මා රිදී උත්තුංග සේවයක් හේනයා ට සලසන අතරේ බබා හේනයා ඒ සාරය උරාගෙන බෙදාදෙන සාන්ත නිවහල් සුසිල් සුළඟ බදුය.
සංඛේත හා සංඥා භාවිතයෙන් උපරිම සාර්ථකත්වය ලබාගත් කතාකරු ඉදිරිපත් කරන්න ඒ සංඛේත අතර 
ගල්තලාව, සමන්ල කන්ද, ගොඩකවෙල, පෙත්තර, තිබෙන අතර හැට්ට කෑල්ලත් බෝපැලයත් කතාවේ ගල් ස්ථම්භයන් සේ නැගී සිටී. හීං හා පොඩිනා ගේ ප්‍රේමාලිංගනය රසකාරක ලෙස තැනින් තැන සානුකම්පිත ආකාරයෙන් ඉදිරිපත් කරත්. රචකයා සමාජයට අතුල් පහර එල්ල කරන්නේ මේ හීං හා පොඩිනා ත් හේනයත් හරහායි. සරු ආගම ධර්මය ක ස්පර්ශය ලද මුත් මේ සමාජය කුල මිත්‍යාවෙන් අන්ධවී මානව ගුණයන් ඉවතලා ඇති සැටි කුල අතරත් ඒ ඒ කුලයෙත් ඇති බැව් මනාව පැහැදිලි කරත්.

කතා සාරයේ දී දුකේ ඉපිද දුකේන් දුකටම පත්වී අසරණ වූ දනන් ඒ දුකේම ඇලී ගැලී සිටින්නට දරන වෑයම හේනයාගේ මුළු පවුලෙන්ම විදහා දක්වයි.
අතුරු කතාවේ කරුණු දෙකක්  උද්දීපනය වේ,
ගම අතහැර යන උන් නැවත කිසිදා එන්නේ නැත ආවත් කෙස් හැලීගිය පසු එන්නේ අතීතයේ සුවද සොයා ප්‍රශ්චාත්තාපය විදීම සදහා යි.
මෙහිදී දෑස් දල්වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල , නොඅසන ප්‍රශ්නයක් පාඨකයාගෙන් අසයි, 
රෙදි සෝඩා කවලම් උනු තම්බපු රෙදිවලින් එන මිනිස් සුවද කොහෙද? 

" උඹ දන්න ඇත්ත සැමදාම හිතේ තියාගෙන හිටපන් " 
මේ බබා හේනයා ගෙන් පිටවන්නේ වීරප්පුලි හේනයා හේ ස්වරයයි.
ජය ශ්‍රී !!!