Tuesday, July 24, 2018

සිංහබා

සිංහයා දුටු
පිරිස
ඒ තුල සිටි
දයාබර පියා
නුදුටීද?
හඬගා කතාකල
සිය දියණිට
ඇසුනේ ගෙරවුමකි
දනන් හට
යොදා මුගුරු
මරා දමා
නිහඬ කල
පිය සෙනෙහස

Saturday, July 21, 2018

සෙවන

පොඩි පැලවලට
සෙවන දුන්
මහ රූස්ස
ගසක් වීනම්

පොඩි පැලවලට
නියන් කල
ජල බිදක් දුන්
වැස්ස වීනම්

පොඩි පැලවලට
රෑ තනියට
එළිය දුන්
සදක් වීනම්

පොඩි පැලවලට
රදන්නට හැකි
බුරුල් පස වූ
පොළොව වීනම්

පොඩි පැලවලට
ආලොකය වී
ජීවදුන්
හිරු වීනම්

පොඩි පැලවලට
හැඩිදැඩි ව වැඩෙන්නට
දිය දහර දුන්
ගගක් වීනම්

මේ සියල්ලට
එපිට
යමෙක්
වීනම්


තාත්තා
නම් විය

මග

උයන් මග
රූස්ස ගස්
සෙවන යට
යට ගිය
දවසක
උරෙනුර නොගැටී
ගොළුබෙලි ගමනින්
සිනාසිසී
ඇවිද ගිය
ප්‍රේමනීය
හැන්දෑව.

ඔබ මගේම
අපි අපේම
වූ පසු
සෑමදා එන සැදෑව
ඒ හැන්දෑව ම
නොවනන වග
සිහිකල
කාලයේ වැල්ලේ
සැගව ගිය
සොඳුරු මතක !

Thursday, July 19, 2018

1000

මෙහෙසියන් දහසක් අතරේ
අගමෙහෙසියවුව
දහසක් අතරේ
තවත් එක් මෙහෙසියකි!!!

Tuesday, July 17, 2018

සුළන්

සුමුදු දෙපා
පියගැටපෙළ සිඹ
පානගනා

ගවුම් පොඩි
සිසිල් සුළගට
විසිරුනා!

Saturday, July 7, 2018

අම්මා

වත්තන් කරන්
දරු පැටවුන්
කඩ පිලේ කොනක
රවටමින් උන්
කඩ චෝරු හංගමින්

ඇකයේ එකෙක්
කිරිබොත්
අතේ  එල්ලී
අනෙකා
කොළුපැටවා
පැන පැන
එහෙමෙහෙ
දිව්වත්

පොඩි පොඩි
රණ්ඩු සරුවල්
කඩ පිලේ
සැම තැනම
සිනා මල්

Friday, July 6, 2018