Wednesday, February 15, 2023

2/3, බහුතරය, හා 1


"වැඩවර්ජන කල පමණින් ආණ්ඩුව ඒ මත තීරණ ගන්නෙ නෑ"

මේ ප්‍රකාශය තාර්කිකව හා සාරධර්ම අනුකූලව ඉතා නිවැරැදි බවක් පිළිඹිබු කරනවා. මෙවැනි ප්‍රබුද්ධ නිවේදන පිටුපස සත්‍ය කතාව හුදී ජනතාව නොදන්නා නිසා සිදුවෙමින් පවතින ව්‍යසනය ජනතාවගෙන් වසන් කර තබන ආකාරයක් තමයි පෙනෙන්න තියෙන්නෙ.

උපකුලපතිවරුන් පත්කිරීම සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙලා කියන කාරණයත් එසේ එන්නවුන් බහුතරයක් ඉත්තන් බවත් කැම්පස් සම්භන්දව බද්ද වෛරයකින් සිටින ඈයො නොදනී.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයක් වන freedom of association අමුඅමුවේම තර්ජනයට ලක්කරන අදහස දෙවෙනි කොටසේ සඳහන්. 
ඊලඟට කුමක්ද? ජනතාවටත්  ඔය සැන්තැන්සියම තමයි, තියන දේ කාල හාන්සි වෙන්න තියෙන්නේ. 

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමේ ක්‍රියාකාරකම් මින් සාකච්ඡා කෙරෙන්නෙ නෑ 
ඒත් ඒ අය එවැනි තැනකට යන්නෙ ඇයි කියල බලන්න ඕනෙ 
ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සාකච්ඡාවට භාජනය වෙන්න ඕනෙ 
ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම ගැන කතාකරන්න වගේම ඒක ප්‍රධාන අංගයක් වෙන්න ඕනෙ 

ඕව ඕනෙ නෑ  
අපි හුරේ දාමු 

ල.පු.