16 න් පස්සෙ තෙල් නැවක් නෑලු
ඔන්න අලුත් තත්වයට පත්වෙලා තියෙන්න, කලින් අපි ශිශිර තරණය ගැන කතා කලේ කොහොමද අපි තියන තත්වය අනුව බේරෙන්නෙ කියල
ඊලඟ මාසෙ ඉඳලා අපිව forced hibernation තත්වයට යවනව. බලෙන්ම ශිශිර තරණයට යොමු වෙන්න සිදුවෙමින් පවතිනව.
මෙතන තියන ගැටලුව වෙන්නෙ ඒක නෙවෙයි
ඉදිරියට එන තත්වය තේරුම් නොගෙන දැනට පවත්වාගෙන යන දේවල් ක්‍රියාකාරකම් ඒ විදිහටම පවත්වාගෙන යන්න උත්සහ කිරීම
උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න
අපි කර්මාන්ත ශාලාවේ නිශ්පාදනයට ඕනෙ කරන හුමාලය ඉතිරි වන අපද්‍රව්‍ය වලින් හදන ප්‍රමාණය මදි අඩුව පුරවන්න දර ඕනෙ, දර ගේන්න ලොරි ඕනෙ, දැන් ගොඩක් ලොරි සඳහා ඩීසල් නෑ, ඉතින් ඩීසල් තියන වෙනත් ලොරි තියන අයගෙන් වැඩි ගානට හරි ලොරි අරගෙන දර ගේනව. මේ තියන තත්වය හා ඉදිරි වාතාවරණයත් එක්ක ඔය වැඩේ කොච්චර කල් මොන මට්ටමකින් කරගෙන යන්න පුළුවන් වෙයිද කියල කියන්න බෑ . ලොරි නැවතුනගමන් හුටස්
වැඩේ අල. ඔන්න ඔක තේරුම් ගන්න බැරුව status maintain කරන්න ගිහින් වැඩේ අනා ගන්නව
දැන් කරන්න ඕනෙ පවත්වාගෙන යන්න පුළුවන් තරමට නිශ්පාධනය අඩු කිරීම එකෙක් යාන්ත්ම ජාමෙ බේරගන්න පුළුවන් වෙයි.
අපි කැමති උනත් නැතත් දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර හිඟ වෙලා තියෙන්නේ ජූලි මාසෙ ඕක එක සැරේම නවතිනව
අපිට deadlock එකකට මූනදෙන්න සිදුවීම අනිවාර්යයි.
දැනටමත් අපි checkmate
කටුසටහන