ගාළුමුවදොර පිටියේ තැලීම් පොඩිවීම් අභියස පුපුරා ගිය අරගලයේ කාල බෝම්බය පිපිරෙමින් පවතී
Gotago village, නමින් සෑදූ ස්ථානයක මෙම ක්‍රියාව සිදුවෙත්.
#Gotagohome #gotagohome2022 යන මූලික සටන්පාඨයන් යටතේ ක්‍රියාත්මක මෙම ක්‍රියාදාමයට පක්ෂ විපක්ෂ සම්භන්ද නොමැතිවම සෛද්ධාන්තික ජන අරගලයක ස්වරූපය තවමත් පවත්වාගෙන යාමට ඊට හැකිවී ඇත.
ලක් පුරවැසියන් මීට සහභාගි විය යුත්තේ ඇයි?
එය රාජපක්ෂ විරෝධයක් ද නැද්ද කියන කාරණය ට වඩා වැඩි යමක් පිටුපස සැඟවිලා තියන නිසා.
රට කාලාන්තරයක් තිස්සේ මේ අගාධයට පුරවැසියන් ගේ උදව්වෙන් හා පාලනාධිකාරියේ සෘජු දායකත්වයෙන් ක්‍රමිකව යොමුරන ලදී. එහිදී පුරවැසියන් අසීමිත ලෙස රැවටීමට ලක්වන අතර නොනිත් කරදර කම්කටොලු දුක්පීඩා විඳීමට සිදුවුවත් පාලකපක්ෂය සුඛෝපභෝගී ජීවිතයේ හිණිපෙත්තටම යාහුය.
# ඒ රැවටීමට විවිරුද්ධව සහභාගි වන්න
මුල් බැසගිය වංචා , දූෂණ, පගා, අල්ලස් හැම අංශයකම ප්‍රෝඩාකාරී වැඩ පිලිවෙල
මිනිස්සුන්ගෙ බදු සල්ලි අවභාවිතය,
අනාගත දරුවන් ණය කාරයින් කල අත්තනෝමතික හොරකම්
# ඊට විරුද්ධව සහභාගි වන්න
හොරු, පල්හොරු, මිනීමරුවො, කප්පම්කරුවො, ස්ත්‍රී දූෂකයො, ළමා අපයෝජකයො, කුඩුජාවාරම් කරුවො, කුලීහේවයින් ආරක්ෂා කර මරණ දණ්ඩනය නියමවූවන් නිදොස්කොට නිදහස් කර සමාජය අනතුරෙ දැමීම
# එයට එරෙහිව සහභාගි වන්න.
අත්තනෝමතික තීරණ , උඩඟු වැඩ , මෝඩ තකතීරු වැඩ, ජනතාව අන්ත අසරණ කළ ක්‍රියාකලාප
# ඊට විරුද්ධව සහභාගි වන්න
රට්ටු හිනස්සන විහිළු කතා , ලෝකය නොමග යවන මාද්‍යනිවේදන, ඇත්ත යටගහන ගැසට් නිවෙදන. මිනිස්සු කබලෙන් ලිපට දාන දැනුම්දීම්
# මෙයට විරුද්ධව සහභාගි වන්න
මෙය අරගලයකින් ඔබ්බට ගිය විමුක්තියේ අරගලයක්, ජීවිතය ගැටගහන අරගලයක්
අද හොඳම දවස !
කටුසටහන
පින්තූරය අන්තර්ජාලයෙන්