Saturday, September 11, 2021

පරණ photo

පරණ photo 

කාලයත් සමග වයස් ගත වන විට සිද්දවෙන ශාරීරික වෙනස්කම් අතර පෙනුම කෙනාගෙන් කෙනාට වෙනස් වීම වනස් ස්වරූපයෙන් විද්‍යාමාන වේ. 

තට්ටය හා දුගු කොණ්ඩෙ සරළතම උදාහරණ වේ. තරුණ අවදියේ කෙසඟ සිරුරට හිමිකම් කී බොහෝදෙනා තාර බැරල් බවට පත්වනේ ප්‍රමාණයෙන් හා පැහැයෙන් යන පරණ photo වීම කාලයක් ප්‍රෙහේලිකාවක් වී තිබිණි. 

මා දැන් මැදිවියට පැමිණ ඇත 😯 එහෙමෙයි !!!! හරිය ඒවා වැඩක් නැතිය. 

කාලය ගතවුනත හිතේ පවතින්නේ කුඩා කලෙ හෝ පාසල් කාලෙ හිතේ කෙටුනු රූපයටයි. කාලයකට නැවත මුණගැහුනාම කියන්නෙ උඹ වෙනස් වෙලානෙ කියල, හැමෝම හිතින් ආදරය කරන්නෙ පරණ පෙනුමට 

මට මුණගැහෙන අයට  බොහෝවිට  කියන්න වෙන්නෙ වෙනස් වෙලා කියල නෙවෙයි අඳුන්න බැරිඋනා කියල. ඒ තරමටම පරණ පෙනුම එක්ක මම බැඳිල ඉන්නෙ. 

මේක මතක් වෙන්නෙ, අද දැක්ක පරණ photo  ටිකක් නිසා. 
අද වනවිට  profile picture  එකේ පොඩි  mod ගතියක් එක්ක පින්තූර දාල තිබුණත් මගේ හිතේ ඉන්නෙ අර පරණ උන්ම තමය. බාගවෙලාවට මම තවම අතීතයේ ජීවත් වෙනව වෙන්න පුළුවන් 

ඒ පින්තූරෙ අවසර නැතුවම පලකරනව 

Friday, September 10, 2021

බොස් හා සේවකයා

බොස් හා සේවකයා
කාලාන්තරයක් උපකොන්ත්‍රාත් කරුවෙක්ගේ පාරිශවයේ රක්ෂා කිරීම නිසා නිදහස සීමාවූ ප්‍රමාණය හිතාගන්න බෑ. සෙක්කුවේ බැඳි ගොනුන් වගේ එකම වටේ නොනවත්වා වැඩ කිරීම පළමු අවශ්‍යතාවය විනි.
ඒමේ අතර යම් යම් විනෝදජනක කාරණා නොතිබුණාම නොවේ. ඉතා කුළුපග අයියා මලෝ, මාම බාප්ප  වගේම සීය මුත්තාගෙන් සැදුම්ලත් කණ්ඩායමක වැඩකිරීම බොහෝවිට අතිශය විනෝදජනක මෙන්ම අධ්‍යාපනික අවස්තාවක් විය.
කොන්ත්‍රාත්කරුවන්ගෙන් මෙන්ම, අයිතිකාරයෝ හා උපදේශන මහත්වරුන්ගේ නිතර ඝර්ජනයට පාත්‍රවූ අපි දිනක් මසක් හෝ අවුරුද්දක් තුල නිමකළ නොහැකි වැඩ කොටස් රාශියකට උරුමකාරයො වීමු.
එවකට අප සැමට තිබූ ගැටළු වූයේ මෙය කෙසේ කරම්ද හා අයිතිකාරයෝ හා උපදේශන  පාර්ශවයන් හරිම ලේසියෙන් වැඩදමා යන අතර ඒ සියල්ල අපවිසින් නිම කළ යුතු වීමත්ය.
පසුකාලීනව සමීකරණයෙන් අනෙක් පාරශවයේ වැඩ කරන කාලයේ තමයි තේරුම් ගියේ ඒකෙ තියන අමාරුව. 

ඊටත් එහාගිය උරචක්‍රා මාලයකට අසුවෙන්නේ දේශීය ව්‍යවසායකත්වයකට සේවය කිරීමත් සමගයි. අතිධාවනකාරි අවසන් නොවන එකිනෙකට සම්බන්ධ නැති වැඩ මාලාවක් උදේසිට මහා රාත්‍රිය එළඹෙන තෙක් ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට කෙසේ වෙතත් ඒවා ගොගොනුකිරීමට වෙලාවක් වෙන් කිරීමට දිනකට පැය 48-50 ක් අවැසිය. අවසාන ප්‍රතිඵලය වූයේ අවුරුදු ගානකින් පමාවූ නිශ්පාදන ක්‍රියාවලියයි.
එකල්හි තිබූ ගැටළුව වූයේ මේ ආකාරයෙන් මෙතරම් වැඩ ප්‍රමාණයක් තනි පුද්ගලයෙක් කියන්නේ හා ගොනුකරන්නේ කෙසේද යන්නයි. 

ඒ සඳහා පිළිතුරු ලැබෙන්නේ පැදුරටත් හොරෙන් එතැනින් ඉවත්වගිය පසුවයි. ඒ කොන්ත්‍රාත්කරුවන් හා උපකොන්ත්‍රාත්කකරුවන් ගහන ව්‍යාපෘතියකට සම්බන්ධ වීමෙන් පසුවයි. 
රැස්වීමේදී උන් කරනා වැඩට අඩුපාඩු කීමත්, තව තවත් වැඩ හා සැලසුම් දීමත් පැයකින් හමාරකින් සිදුවන්නේ බ්ලේඩ් තලයකින් පැපොල් කපනවා වගේ ඉතා පහසුවෙනි. කල වැඩේ ගැන අඩුපාඩු පෙන්වීමත් උපදේශනයත් යන කාරනා කෙතරම් පහසු වීද යත් ගෙදර සිට ඇස් පියාගෙන රැකියාව කිරීමට හැකියාව ලැබිණි. වැඩේ කිරීමටත් බැනුම් ඇසීමටත් පාර්ශවයන් සිටීම මහා භාග්‍යයක්. 

ලෙඩේ උඩුදුවන්නේ අවශ්‍ය කරන කා‍‍‍‍ර්‍ය් නිසි වේලාවට හා ප්‍රමිතියට නොකිරීම හා උපදෙස් හා විධානයන් ක්‍රියාත්මක නොකිරීම නිසාය.

කටින් බතල සිටුවීම ඉතා පහසු කාරණයක්, පිට සිට බලා අදහස් දැක්වීම හා කාරිය කිරීම අහසයි පොළොවයි වගේ වෙනස්. 
ඇදකුද හොයන්නෙ නැතුව පොළොවට බැහැල ඇත්තම තමන්ගෙ දෑතේ වීරියෙන් අවශ්‍ය කරන කාරිය කරානම් තැන තැන කියවන්න අවශ්‍යතාවයක් එන්නේ නෑ වගේම රටත්, ජනතාවත් මෙන්ම තමනුත් මෙවන් අමාරුවක නොවැටී ඉන්න තිබුනා 

කටුසටහන