Friday, June 25, 2021

පාට

සුදු පිටුවක, 
තනි ඉරකින් 
කළු සුදු වෙන් කරල
ඉර මැකිල ගිය කාලෙක; 

කළු සුදු මිනිස්සු අතරේ 
දම් පාට කෙස් තියන 
තැඹ්ලි පැහැ මිනිස්සු 
අමතක කරපු කාලයක් ! 


කටුසටහන !!!

Friday, June 18, 2021

procrastination හෙවත් කල්දැමීම

Procrastination හෙවත් කල්දැමීම 

මේ කියන්න යන්නෙ උක්ත මාතෘකාව ගැන නෙවෙයි, ඊට ප්‍රථිවිරුද්ද අදහස ගැන 
Procrastination කියල වචනය ඇහුනට අද තමයි තේරුම දැනගත්තෙ, අන්තර්ජාලයෙන් හෙව්ව ඊට විරුද්ධ පදය Anticipation කියල තිබුණා ඕං.

වැඩිමනත් සැලැස්ම කියන එක Martin Luther king Jr ටත් තිබුණා ලු 
ලෝක ප්‍රසිද්ධ ඔහුගේ කතාව ඔහු කලින් දා රාත්‍රිය නිදිවර්ජිතව සකසලා අවසාන මොහොතේ දීත් වෙනස්කම් කරාලු. අන්තිමට නැගිටල ගිහින් තියෙන්නෙ කොලේ අමතක කරල. සුප්‍රසිද්ධ "I have a dream " කිසිදු තැනක ලියල තිබුණු  නැති වාක්‍යයක් 

අදාල සිද්දිය වෙන්නෙ මට අවුරුදු 5-6 විතර වෙන කාලෙ, මා පියා කාලයක් මහන්සි වෙලා උපයලා මෝටර් බයිසිකලයක් මිලට  ගන්නව. ඒ දවස්වල බණ්ඩාරවෙල ( ඔව් ඩොටේ තමයි ) අපේ විශ්වාසය ඔය වගේ අලුත් වාහනයක් ගත්තම කතරගම දේවාලයට ගිහින් බාරහාර වෙන එක. දැන් මේ බයිසිකල් පැදගෙන කතරගම යන්නයි සූදානම. 
යන්න සතියකට විතර කලින් පියා කොටුරූල් කොලයක් අරගෙන මොකද්දෝ ලියනව. 

හෙමිං කිට්ටු කරා ලඟට, අවදානයෙ වෙනසක් නෑ; හරි පිළිවෙළට ඇල ඉරි අඳිනව, නවත්තනව, ඉරි දෙක දෙක යාකරනව, ඔහොම කීපසැරයල් කරාම මම ත් පැනල එක කරන්න ගියා. 
වැඩේ එතැනින් නිමි.

ආයෙත් යන්න දවස් දෙකකට කලින් හැන්දෑවෙ අර සෙල්ලම තමයි. මම  ගොහිං අහපි මොකද කියල.

ඕං විස්තර කිව්වෙ මගෙ කුඩා මොලේ ට තේරුම් යන්න. ඒ කරල තියෙන්නෙ සාර්ථක අසාර්ථක වෙන එක ගැන පොඩි සසම්භාවී ක්‍රියාකාරකමක්, මතක හැටියට කිසිම ගනනය කිරීමක් නැතුව ඉරි ඇඳලා ඒව යුගල විදිහට සම්බන්ධ  කරාම එකක් ඉතිරි වෙනවනම් හිතේ තියන අදහස සාර්ථක වෙනවලු. 
හරිම මෝඩයි නේද? 
මේ 1986 අවුරුද්ද, ඩොටේ ඉඳලා කැලේට ( කතරගමට) මිනිස්සු යන්නෙ ඉඩම් පවරල දීල, එහෙව් කාලයක්, ඉන්දන පිරවුම් හලක් කතරගම ප්‍රදේශයටම තිබුනෙ එකයි, පාර හොයාගන්න  google map නෑ 
ලොරි බස්  රියදුරු මහත්තුරුන් ගෙන් අහගත්ත විස්තර විතරයි. 
ඉතින් එහෙව්එකේ, මගසැලසුම් හදාගත්තත් හිත හදාගන්න ඒවගේ කෙම් ක්‍රමයක් යොදා ගැනීම මටනම් හිතෙන්නෙ හරිම ආදරයක්. 

මොකෝ මමත් ඒ ගමන ගියානෙ !!!

හ්ම් අදට ඇති, ගමන් විස්තර පොඩි උන්ට කියා දුන්නු විදිහට පස්සෙ බලාපොරොත්තු වන්න.  

කටුසටහන