මෙරට ජනසමාජයේ ව්‍යුහය දෙස යථාර්ථවාදී කෝණයකින් බලන විට පහත කාරණය ඉබේම මතුවිය.
එය ඇත්තෙන්ම ඇති ගැටළුවක් ද
එය වෙනත් ගැටළුවක කොටසක්ද
එය කිසිසේත්ම ගැටළුවක් නොවන්නේද
යන කාරණා මින් විග්‍රහ නොවේ.
යම් තැනක කලකට පෙර දුටු දත්තයක් වූයේ, ලංකාවේ විවාහ වන වයස අවුරුදු 30න් ඔබ්බට සේන්දුවී ඇති බවයි.
මෙය ඔවුන්ගේ ඊලඟ පරම්පරාවට ඒ ලෙසම යෙදූවිට පෙනීයන්නේ
ඔවුන්ගේ මව්පියන් සාමාන්‍ය විශ්‍රාමික වයස වන අවුරුදු 55 වන විට ඔවුන් විවාහ වී නොමැතිබවයි.
ඊලඟ කාරණය එසේනම් විශ්‍රාම නොයා පවුල් නඩත්තුවට ඔවුන් තව අවමය අවුරුදු 5ත් 10ත් අතර කාලයක් රැකිවන්හි නිරත විය යුතුය.
ඒ මතය ඔස්සේ ගමන් කලවිට අවුරුදු 55 යනු විශ්‍රාම යන වයස නොවේ.
සැබෑ විශ්‍රාමික වයස අවුරුදු 65 විය යුතුය.
මෙතැන් සිට මෙහි තවත් කාරණා 2ක් මතුවේ.
1. විශ්‍රාම යන අයවලුන් යෙදී සිටින්නේ තරුණ අයට ඒ කාලය වනවිට ලැබිය යුතු රැකිවන් වලයි. රැකියා වියුක්තිය මෙහි එක්ප්‍රතිඵලයක් වේ.
2. සාමාන්‍ය ආයුකාලය දැන් වැඩි වී ඇත. අඩුම තරමේ යපෙන්නන් ගේ ආයුශ වැඩිය. ඉහත කියූ අවුරුදු 65 න් පසුව ජීවත් වන්නේ කෙසේද ?
විශ්‍රාමික සැලැස්මක් හෝ විශ්‍රාම වැටුප් නැතිනම් මැරිලා යනවා.
එතනින් තේරුම් යන්නේ 65න් පසුවත් වැඩකල යුතුයි යන්නෙ නොවේද ?
ජීවිතයම ජීවත් වීමට මුදල් හම්බකර නිකන්ම නිකමෙක් ලෙස මැරිලා යන්න සිද්දවෙනව