Wednesday, February 27, 2019

උද්ගෝෂණ

උද්ගෝෂණය දෙපස
මම මේ පැත්තේ
ඔබ ඒ පැත්තේ
ඔබ මා වෙන්කල
මාර්ග බාධකය
පරස්පර විරෝධී
ඔබ මා ඇස්
යාවුනා නොදැනීම.
සොඳුරු සිනහ
නිවාලූ ඒ
සැඩපහර !!!

Friday, February 1, 2019

පරණ

පරණ ගැට්ටෙ
යාළුකෙල්ල
පාර ගැට්ටෙ
මුණගැහුණා

පුරුදු ලෙසට
පරණ තාලෙ
සිනා ලපට
දෝරගලා

සොඳුරු කාලෙ
සිහින මැවී
ඒකාලෙම
පරව ගියා

ඔබේ ගමන
ඔබ යනවා
මගේ ගමන
මම යනවා

යාළු දෙපල
මුණගැහුණා
පරණ දෙබල
දිගඇරියා

සොඳුරු මොහොත
අවසන් වී
අදුරු මොහොත
අප අද්දර

ඔබ යනවා
ඔබේ ගමන
මම යනවා
මගේ ගමන